පුවත්

රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න 4ක් කරණමකට සැරසෙයි

Published

on

ජනාධිපතිවරයා ලබන 02 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙදෙනෙකු ආණ්ඩුවට සහය දීමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

එම මන්ත්‍රීවරුන් සිවු දෙනා සමග ආණ්ඩුව දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව ද පැවසේ.

මේ අතර රාජිත සේනාරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අය ද ආණ්ඩුව සමග සන්ධාන ගත වීමට සූදානමින් සිටින බවත් ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට සහය පල කිරීමට සූදානමින් සිටින බවත් පැවසේ.

ජනාධිපතිවරයා එලඹෙන 02 වැනි දින පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

Trending

Exit mobile version