පුවත්

රනිල්ගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යනවා – හියුමන් රයිට්ස් වොච්

Published

on

මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රමිතීන්වලදී ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කරමින් ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාව තවමත් බොහෝදුරට වැරදි පාලනය සහ වගවීමේ ඌණතාවය නිසා ඇති වූ ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ, සමාජ සාධාරණත්වය සහ අයිතීන් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය අවධානය යොමු කර ඇත්තේ විසම්මුතිය යටපත් කිරීමට සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර අවධානය සීමා කිරීමට බවයි.

අදාළ නිවේදනයෙන් හියුමන් රයිට්ස් වොච්හි නියෝජ්‍ය ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලිගේ ප්‍රකාශය කරන්නේ, රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් – ආපස්සට යමින් පවතින බවයි.

මේ වසර අගදී රට ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම් වනවිට වික්‍රමසිංහ නව මර්දනකාරී නීති මාලාවක් සමග විවේචන යටපත් කිරීමට බලහත්කාරයෙන් පියවර ගෙන ඇති බව හියුමන් රයිට් වොච් සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

Trending

Exit mobile version