Connect with us

පුවත්

රනිල්ගේ මාධ්‍ය නඩයේ සිටි වරුණ සජිත්ගෙන් ආසන සංවිධායක තනතුරක් ගනියි

Published

on

සමගි ජන බලවේග පක්ෂයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් වරුණ රාජපක්ෂ මහතා පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

වරුණට මේ තනතුර ලැබී ඇත්තේ හිටි හැටියේ බව පැවසේ.

ඔහු අද (09) ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරිම සඳහා නාමයෝජනා අත්සන් කිරීමට පක්ෂ මූලස්ථානයට ගොස් සිටියදී සජබ නායක සජිත් මහතා ඔහුට පසෙකට කතා කොට “වරුණ ගම්පහ ආසන සංවිධායකකමට” පත් කිරීමට තීරණය කළා යැයි පවසා තිබේ. 

ඒ අනුව එම සංවිධායක ධුරය ඔහු වෙත ප්‍රදානය කිරීම සිදුව තිබිණි.

දකුණු ඉවුර ශක්තිමත් කිරීමට නම් බෙදී වෙන්වී සිටින සියලු බලවේග, එක කඳවුරකට එක් විය යුතු බවට ජනාධිපතිවරණය අවසන් වූ සැනින් ප්‍රකාශ කර සිටි තමන්ට, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කළ ආරාධනාවක් අනුව සිය ප්‍රකාශය භාවිතයට නැගීමට අවස්ථාවක් කර ගනිමින් සමගි ජන බලවේගය සමග එක් වූ බව වරුණ රාජපක්ෂ පසුගිය දා සමාජ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා  තිබිණි.

ඔහු ඉකුත් ජනපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය තෙක්ම හිටපු ජනපති රනිල් වික්‍රමසිහ මහතාගේ මාධ්‍ය අංශයේ කටයුතු කළ අතර, The Chatham Street Journal මුද්‍රිත හා වෙබ් අඩවියේ ප්‍රධානියකු ලෙසද කටයුතු කළේය.

ඔහු කලින් කලට දේශපාලන කඳවුරු මාරුකරමින් කටයුතු කරන්නෙකු ලෙස ද ප්‍රකට වූ අයෙකි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved