වැට් බදු වැඩිකිරීම ජනතාවට මෙන්ම තමන්ටත් අමාරු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) පැවසීය.
ඒ මහතා මේ අදහස් පලකලේ කළුතර සමුපකාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
ජනතාවගේ අමාරුකම පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී වත්මන් ජනාධිපති වරයා දැනුවත් කරන බවද ඒ මහතා පැවසීය.
“ඉදිරියේ එන මැතිවරණ වලට පොදුජන පෙරමුණ ට හොදින්මුහුණුදෙන්න පුළුවන්. අභියෝග කිසිප්‍රශ්නයක් නෑ. දිනන්න පුළුවන් අපේක්ෂකයෙකු ජනාධිපති වරණයේදී ඉදිරිපත් කරනවා. එක්සත්ජාතික පක්ෂය හැමදාමත් කයිවාරු ගැහුවාට වැඩ බෑ”