පුවත්

රනිල්ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂගෙන් ඡායාරූප ශිල්පියකුට මරණ තර්ජන

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තමාට දුරකතන මගින් මරණීය තර්ජන සිදුකළ බවට එම මාධ්‍ය අංශයේ මේ වනවිට සේවය කරන ඡායාරූප ශිල්පියකු කහතුඩුව පොලිසිය වෙත ඊයේ (12) පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම තර්ජනය පෙරේදා (11) රාත්‍රියේදී සිදුව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු කළ සොයාබැලීමකදී ජනාධිපති මාධ්‍ය අංශයේ තිබූ ඩ්‍රෝන කැමරාවක් ඇතුළු උපකරණ කිහිපයක් අස්ථානගතව ඇති අතර ඒ සම්බන්ධයෙන් ආයතන මට්ටමින් විගණනයක්ද අරඹා තිබිණි. 

කෙසේ වෙතත් එම විමර්ශනය සිදුවන අතරතුර පෙරේදා රාත්‍රියේ ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියාට දුරකතන ඇමතුමක් ගත් හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ගැන තොරතුරු දෙන්නේ තමන් බවත් තමාව කෑලි කෑලිවලට කපා දමන බවත් කියමින් තර්ජනය කළ බව ඡායාරූප ශිල්පියා පොලිසිය හමුවේ සඳහන් කර ඇත. 

මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර විමර්ශන කහතුඩුව පොලිසිය විසින් සිදුකෙරේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version