Connect with us

පුවත්

රනිල්ව විධායක අගමැති කරන්න ජනමත විචාරණයක් 

Published

on

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවතත් පූර්ණ බලැති අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට අදාළව කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට ආණ්ඩුව විසින් යවා ඇතැයි වාර්තා වේ. 

අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යවා ඇත්තේ ජනාධිපති කාර්යාලයේ නීති අංශය විසින් බවද පැවෙස්.

මෙම කෙටුම්පතේ විශේෂ අන්තර්කාලීන විධිවිධානයක් ඇතුළත් කර ඇති වගද නීති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. 

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන තැනැත්තා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය යුතු බව දක්වා තිබේ.

එසේම නාමමාත්‍ර ජනාධිපති ධූරයක් ස්ථාපිත කිරීමද එහි තවත් යෝජනාවක් බව පැවසේ.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 4 සහ වගන්ති අංක 30 සිට 41 දක්වා වන විධායක ජනාධිපති ධූරයට අදාළ වගන්ති සංශෝධනය කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. 

නීති කෙටුම්පත් සම්පාදන කාර්යාලය විසින් මෙම කෙටුම්පත අනුමත කළ පසු නීතිපතිගේ සහතිකය ඊට ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙලෙස සංශෝධනය කිරීමට නම් මැතිසබයේ මන්ත්‍රීන් තුනෙන් දෙකක (2/3) අනුමැතියෙන් සහ අධිකරණ තීන්දුව මත ජනමත විමසුමකින්ද එය අනුමත විය යුතු බව නීති අංශ ආරංචි මාර්ග පවසයි. 

ඒ අනුව ඉදිරියේදී මේ සඳහා ජනමත විමසුමක් පැවැත්වීමේ ඉඩකඩ පවතින බවද දේශයට වාර්තා වෙයි. එසේම මෙම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සහ පාර්ලිමේන්තු සංයුතිය වෙනස් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැනටමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇත. 

එනිසා ඉදිරි කාලයේදී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුළුල් වෙනසක් සිදුකිරීමට රජය උත්සාහ දරමින් සිටින බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

මූලාශ්‍රය – දේශය

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved