ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සංවිධානය කර තිබූ රැලියට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්වී තිබේ.
ගාල්ල ප්‍රදේශයේදී “එක්ව ජයගමු” යන මැයෙන් මෙම ජන රැලිය සංවිධානය කර තිබුණි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු පුරපතිනී රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද එම ජනරැළිය හා එක්වී ඇත.
මේ අතර, විමල් වීරවංශ මහතා නායකත්වය දෙන උත්තර ලංකා සභාගය නියෝජනය කළ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක එඑල්.එම් අටවුල්ලා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ගයාශාන් නවනන්දන මහතාද අද ගාල්ල එක්ව ජයගමු වේදිකාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්විය.
එම රැලියේදී තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඊට අදාළව තමන් ඊයේ දිනයේ දී ඇප තැන්පත් කිරීම ද සිදුකළ බවය.