Connect with us

පුවත්

රනිල් ජනාධිපතිවරණ සටනින් දිනන හැටි?

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණ සටනට පැමිණෙන්නේ පැහැදිලි ඡන්ද ලක්ෂ 71ක් අතැතිව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම සටනේ කොටස්කරුවන් වීමට සියලු දෙනාට ආරාධනා කරන බවය.

කෑගල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙවර ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 17,000,000කි. ඉන් මෙරට සාමාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අනුව 85%ක පමණ පිරිසක් ඡන්ද භාවිත කරනු ඇතැයි උපකල්පනය කළ විට එම ඡන්ද ප්‍රමාණය 13,600,000ක් පමණ ය. ජනාධිපතිවරණය ජය ගැනීමට හෙවත් 51%ක ප්‍රතිශතයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව 6,936,000කි.

2020 මහ මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6,853,690කි. සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 2,771,980කි. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 445,958ක් සහ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 250,000ක් හිමි විය. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 250,000ත්, පොදු ජන පෙරමුණේ ඡන්ද 69 ලක්ෂයත් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වන බැවින් ඡන්ද ලක්ෂ 71ක පැහැදිලි බලයක් අතැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙයින් පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණය අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙත ඡන්ද ලක්ෂ 10ක් ද ජාතික ජන බලවේගය වෙත ඡන්ද ලක්ෂ 10ක් ද බෙදී ගිය හොත් ඡන්ද ලක්ෂ 51ක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වෙයි.

පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 28ක ඡන්ද ප්‍රමාණයක් භාවිත කර නොමැති බැවින් ඉන් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් මෙවර අනිවාර්යයෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වන බව අමාත්‍යවරයා සදහන් කළේය.

මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර ජනතාවගේ විශ්වාසය දිනා ගත් නායකයකු බවත් එබැවින් එම ඡන්ද ප්‍රමාණයෙන් ද බහුතරයක් ඔහුට හිමි වන බවත් අමාත්‍යවරයා පැවැසීය. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊපීඩීපී සංවිධානය ද ජනාධිපතිවරයා සමග සිටින බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved