Connect with us

පුවත්

රනිල් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Published

on

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.

ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිතය.

ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබුණි.

පුවත්

බේරුවල ක්‍රයිම් OICගේ දත් කැඩුව අය 23දා තෙක් රිමාන්ඩ්

Published

on

By

බේරුවල පරණ කඩේ, ධීවර වරාය පාර ප්‍රදේශයේ පෙරේදා (09) රාත්‍රී ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය බේරුවල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකුට තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ඊයේ (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 23දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වූ බේරුවල ධීවර සංගමයේ සභාපතිවරයා යැයි කියන අයකු සහ ඔහුගේ පුත්‍රයා ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බවද වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ පොලීසියෙන් අහසට වෙඩි තබා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ බේරුවල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුසංක (අවු. 36), පොලිස් සැරයන් (40588) උපුල් (අවු. 42) හා පොලිස් සැරයන් (53241) සිල්වා (අවු. 51) යන අයයි.

සැකකරුවන් පොලිස් නිලධාරීන්ට අතින් පයින් හා හෙල්මට්වලින් පහරදී ඇති අතර එම පහරදීමෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ උඩ ඇන්දේ දත් දෙකක් කැඩී ගොස් ඇති බවත් සැරයන් සිල්වාගේ නිල ඇඳුම ඉරී සීරීම් තුවාල සිදු වී ඇති බවත් පොලීසිය කියයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා බේරුවල රේගුව පාර සහ ධීවර නිවාසවල පදිංචි වයස අවුරුදු 31ත් – 46ත් අතර වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.

පොලිස් නිලධාරීන් බේරුවල, මරදාන ප්‍රදේශයේදී වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගෙන ආපසු එමින් සිටියදී බේරුවල ධීවර වරාය අසල සිරිනිවාස මාවත ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හේතුවෙන් මාර්ග තදබදයක් ඇති වී තිබූ බවට වාර්තා වෙයි. පොසොන් පොහොය නිමිත්තෙන් එම පිරිස ලොරි රථයකින් පාරේ කොඩිවැල් එල්ලමින් සිට ඇති බවත් එහිදී මාර්ගය ඉඩ දෙන ලෙසට පොලීසිය එම පිරිසට කියා ඇති බවත් වාර්තා විණි.

මෙහිදී උප පොලිස් පරීක්ෂකවරයා සහ ලොරි රථ රියැදුරු අතර බහින්බස්වීමක් සිදුවී ඇති බවත් එහිදී අසල සිටි පිරිසක් පොලීසිය සමඟ ගැටුමක් ඇති කරගත් බවත් කියැවෙයි.

එම පැමිණි පිරිස පොලීසියට හෙල්මට්වලින් පහරදී ඇති අතර එහිදී පොලීසිය එම පිරිස පාලනය කිරීමට උණ්ඩ දෙකකින් අහසට වෙඩි තබා ඇතැයි එහි ප්‍රදේශවාසියෙක් පැවසීය.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, පොලිස් අධිකාරී රවිඳු සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. නවරත්න මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

මේ අතර, පොලීසිය මඟින් එහි සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කර ප්‍රදේශවාසීහු බේරුවල පොලීසිය ආසන්නයේ ඊයේ (10) විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයක ද නියැළී සිටියහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජනපති ජර්මානු නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යයි

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier)  ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු නිල සංචාරයේ නිරත වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන  නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන ශක්‍යතාවයන් සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන් මෙන්ම ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට නියමිතය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වෙති.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

කාලගුණයෙන් රතු නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.

හෙට (11) දින ප.ව. 02.30 වන තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙස මෙම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60–70) පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved