ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූනා කිව්වා සේ පවසන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසීය.
“මම නම් හූනා කිව්වා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණයකට එන්නේ නෑ. කවුරුහරි හිතාගෙන ඉන්නවනම් එයි කියලා අනේ පව් කියලා තමයි මට කියන්න තියෙන්නේ. එතුමා බලයි වෙන කොහෝ හරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන එහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ” යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද සදහන් කළේය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ රජය කඩාවැටීම ආරම්භ වූයේ තමාවත් උදය ගම්මන්පිලවත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව බවත් වර්තමාන රජයේ කඩා වැටීම ඊයේ (27) ආරම්භ වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.
ඊයේ (27) ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ව අමාත්‍ය ධුරවලින් ඉවත්කළේය.
විමල් වීරවංශ පවසන්නේ එය මෙම රජය කඩාවැටීම ඉන් ඇරඹෙන බවයි.
මේ ඒ පිළිබදව පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය,
වීඩියෝව – අරුණ