Connect with us

පුවත්

රනිල් පොහොට්ටුවේ තරම දැනගෙන ; මහ මැතිවරණයට අලියාගෙන් අලුත් මුහුණු 4ක් 

Published

on

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.

පොදු ජන පෙරමුණේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමාට සහාය දීම සඳහා පැමිණියාට ඔවුන් සමග ජනතාව පැමිණ නැතැයි පෙනී යන්නේ යැයි පවසා ඇති හිටපු ජනාධිපතිවරයා පොහොට්ටුවේ බහුතර පිරිස අනුර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබෙන බව සඳහන් කළේය.

ඊළඟට කළ යුතුව ඇත්තේ මහ මැතිවරණයට සූදානම් වීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කර තිබේ.

එහිදී එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් මෙන්ම පාක්ෂිකයන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවයි.

ජනාධිපතිවරයාද එම අදහස අනුමත කර ඇත.

මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම අලුත් මුහුණු හතරක්වත් ඉදිරිපත් කළ යුතුව තිබෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කර තිබේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved