පුවත්

රනිල් විජේදාසට යන්න කියලද? නැද්ද?

Published

on

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඔහු සඳහන් කර ඇත්තේ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන මණ්ඩලයේදී ඒ බව සඳහන් කළ බවය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

කෙසේවෙතත් අදාළ තනතුර සම්බන්ධයෙන් මේ විට අධිකරණය මගින් වාරණ නියෝගයක්ද පනවා තිබේ.

මේ අතර,  අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව පවසා තිබේ.

Trending

Exit mobile version