Connect with us

පුවත්

රනිල් හදන්නේ අනුරව බලයට ගේන්න

Published

on

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාව බලයට ගෙන ඒමට උත්සහ දරණ බව සමඟි ජන බලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, වරකාපොළ ප්‍රදේශයේ ඊයේ (23) පැවති සමඟි ජන බලවේගයේ ජන රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“අද රනිල් කරන්නේ කොච්චර ජර වැඩක්ද කියලා බලන්න. අපේ පරණ නායකයා. කෝටි ගණ්න වියදම් කරනවා අපේ මන්ත්‍රීවරුන් බාගන්න. මට ආරංචී මේ වෙනකොට මිලියන 300ක් දැන් ලංසු ඉදිරිපත් වෙනවා. මිලියන 300යි කෝටි 3000යි එක මන්ත්‍රීවරයෙක්ට. බස්නාහිර පළාතේ අපේ මන්ත්‍රීවරු තරුණ දෙන්නෙක්ට කෝටි 300 ගාණේ අපේ පරණ නායකතුමා අපේ ජයග්‍රහණය වළක්වන්න. දිනන්න නෙවෙයි. එතුමා මොකක්ද සැලසුම් කරන්නේ? අපේ ජයග්‍රහණය පුලුවන් තරම් අඩාළ කරලා එතුමා උත්සහ කරනවා පුලුවන් නම් ජේ.වී.පී එක බලයට ගෙනල්ලා, ජේ.වී.පී. එක රට බංකොලොත් කරන්කොට නැවත පෙට්‍රල් පෝළිම්, ගෑස් පෝළිම් ඇති වෙල ජනතාව පාරට බහිනක්ප්ට අන්න රනිල් හිතනවා ආපහු අර පිං චාන්ස් එකක් වදී කියලාරනිල්ට අඩගහලා ආපහු බලයට දෙයි කියලා එතුමා හිතලා තමයි ජේ.වී.පී එකයි රනිල් වික්‍රමසිංහයි අද එකට වැඩ කරන්නේ.

පුවත්

කොළඹ වෙසක් කලාප වෙනුවෙන් රථවාහන සැළැස්මක්

Published

on

By

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව අද (12) සිට බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ සිරස වෙසක් කලාපය පැවැත්වෙන දිනවල දී මෙලෙස රථවාහන සැළසුමක් ක්‍රියාත්මක කෙරේ.

ඊට අදාළව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට විශේෂ රාජ්‍ය සමාව

Published

on

By

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්‍රදානය කෙරෙන බවයි.

දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද අහෝසි කෙරෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කෙරෙන බවයි.

මෙම විශේෂ රාජ්‍ය  සමාව සඳහා කාන්තා රැඳවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් 40 දෙනෙකු, වාරියපොළ බන්ධනාගාරයෙන් 38 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 දෙනෙකු මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද රැඳවියන් නිදහස් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved