Connect with us

පුවත්

රනිල් හා නීතිය හැදෑරූ මනිලාල්ට අද  උපහාර

Published

on

නීතිඥ වී.මනිලාල් ප්‍රනාන්දු මහතාගේ නීතිඥ දිවියට වසර 50 ක් ගතවීම නිමිත්තෙන් ඒ මහතා නීති වෘත්තිය ඇරඹූ කළුතරදී අද (13)  උපහාර උළෙලක් පැවැත්වේ.

මෙය සවිධානය කරනු ලබන්නේ කළුතර නීතිඥ සංගමය මගිනි.

මනිලාල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකම සමයේ නීති විද්‍යාලයේ ඉගෙන ගත් අයකු වේ.

මනිලාල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති හා ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති ලෙස කලක් කටයුතු කළේය.

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා කාලය දීර්ඝ කරයි

Published

on

By

ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇත.
 
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සදහන් කළේ, රැකියා, සංචාරක, ස්වෙච්ඡා, කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැර ශිෂ්‍ය, පූජක සහ ආගමික, තාවකාලික නේවාසික වීසා යන කාණ්ඩ යටතේ ඊශ්‍රායලයේ සිටින පුද්ගලයින්ගේ කල් ඉකුත් වූ වීසා මෙලෙස යළි සක්‍රීය කර ඇති බවය.
 
එමෙන්ම, යුද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 04 දෙනාගෙන් දෙදෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් ගැන දිනපතා සොයා බලන බවත් තානාපතිවරයා විසින් පවසන ලදී.
 
තානාපති කාර්යාලයේ සති අන්ත නිවාඩු දින දෙකෙහිම ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කලේය.
 

Continue Reading

පුවත්

දුමින්ද අධිකරණයට

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරෙහි ඓඓ පියවර යට‍තේ කිරි ගවයින් 15000 ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීම පිළිබඳ 2025.05.21 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද විශේෂ විගණන වාර්තාව සහ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා 2025.06.04 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව පිළිබඳ ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳව විවාදය පැවැත්වීමටත් නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved