Connect with us

පුවත්

රනිල් ළඟ වාහන 11ක්, මහින්ද ළඟ වාහන 8ක් තියෙනවා – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Published

on

හිටපු ජනාධිපතිවරුන් හට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ (backup vehicle) තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇති බවට පලව ඇති මාධ්‍ය වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කර ඇත.

දැනුම් දී ඇත්තේ හිටපු ජනපතිවරුන් වන රනිල් හා මහින්ද ඔවුන් සතුව තිබෙන අතිරික්ත වාහන බාරදෙන ලෙස යැයිද ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ මේවන විටත් වාහන 11ක් පවතින බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

සබැඳි පුවත් :

මහින්දගේ බැකප් රථ 3 ඉල්ලයි ; මේව කරන්නේ බුද්ධි අංශයෙන් අහලද සාගර විමසයි

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved