පුවත්

රම්මුදුවැව ලොකු හාමුදුරුවෝ ආයෙත් පො​ඩි නමකට අතවර කරලා!

Published

on

ළමා අපයෝජන කිහිපයක් සම්බන්ධයෙන් ඇප පිට සිටය දි පන්සලේ සාමණේර හිමි නමකට බරපතල ලිංගික අතවරයක් කළ බව කියන සූරියවැව රම්මුදුවැව විහාරස්ථානයේ විහාරධිපති  ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා ඊයේ (19) සවස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරු​නේ සූරියවැව රම්මුදුවැව ශ්‍රි බෝධීරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති කැටපළ අමරකිත්ති හිමියෝය.

සැකකාර විහාරාධිපති විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමි නමක් අවස්ථා කිහිපයකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබිණි.

අපයෝජනයට ලක් වු සාමණේර හිමි නම සිය ඥාතියෙකු මාර්ගයෙන් හදපානාගල දෙහිගස්හන්දිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව  ඇති අතර පසුව උන්වහන්සේ වැඩිදුර ප්‍රථිකාර සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදි රෝහල් පොලිසිය විසින් සූරියවැව පොලිසියට සිදුකල දැනුම්දිමකට අදාලව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකාර හිමිනම කාලාන්තරයක් තිස්සේ දුප්පත් පවුල්වල දරුවන්ට විවිධ තෑගි භෝග ලබා දී ලිංගික අපයෝජන කර ඇති බවට මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

සැකකාර හිමිනම විවිධ දේශපාලන උදව් උපකාර ලබා ගනිමින් ඔහු විසින් සිදුකරනු ලබන මෙම අපරාධ යටපත් කිරිමට දිගින් දිගටම කටයුතු කරන බවත්, සැකකාර හිමි නමගෙන් කරදර වනු ඇතැයි බියෙන් අපයෝජනයට ලක් වු දරුවන්ගේ බොහෝ දෙමාපියන්ද නීතිය හමුවට ගොස් නොමැති බව වාර්තා වේ.

සැකකාර හිමි නමට මේ වන විටත් බාලවයස්කාර දැරියන් සිහි නැතිකර සිය කාමරයට රැගෙන ගොස් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවකට අදාලව හම්බන්තොට මහාධිකරණයේ නඩු දෙකක් පවතින බවත් ඒ නඩු සදහා ඇප පිට සිටියදි මෙම අපරාධය සිදුකර ඇති බවත් පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

සැකකාර චීවරධාරියා යළි ජුනි 02 දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

Trending

Exit mobile version