පුවත්

රමේෂ්ට සෞඛ්‍ය ඇමතිකම

Published

on

වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍යංශය පැවරීමට රජය යෝජනා කර ඇතැයි වාර්තා වේ. 

වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍යංශය පැවරීමට රජය යෝජනා කර ඇතැයි වාර්තා වේ. 

එහෙත් රමේෂ් පතිරණ මහතා මෙතෙක් ඊට කැමැත්ත පළ කර නොමැති බවද පැවසේ.

දැනට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයන් දරන හෙතෙම තවදුරටත් එම විෂයන් දැරීමට වඩාත් කැමැති බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

රජය මුලින් යෝජනා කර තිබුණේ නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනකු පත් කිරීමටයි. 

එහෙත් පසුව එම තීන්දුව වෙනස් කර අමාත්‍ය විෂයන් හතරක් මාරු කිරීමට තීන්දු කර ඇත. 

කැබිනට් විෂයන් දෙකක් හෝ තුනක් පවරා ඇති අමාත්‍යවරුන්ගෙන් මෙම විෂයන් ඉවත් කර වෙනත් අයට පැවරීම සඳහා අවශ්‍ය මූලික අධ්‍යයන කටයුතු මේ වන විටත් හමාර කර ඇතැයි වාර්තා වෙයි.

ලබන වසර මැතිවරණ වසරක් වන නිසා හදිසියේ නව අමාත්‍යවරුන් පත්කිරීම අයෝග්‍ය බවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව අමාත්‍ය විෂය මාරුව ගැන රජය උනන්දු වන බව දැනගන්නට ඇත.

මූලාශ්‍රය – දේශය 

Trending

Exit mobile version