විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රාත්‍රී 12ත් අලුයම 05ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් ලබා දෙන බවට තොරතුරු ලැබීමත් සමඟ නේවාසිකාගාරවල සිදුවන නවක වද සිදුවීම් වැළැක්වීම අරමුණු කොට ගෙන මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.
ඒ සඳහා විශ්වවිද්‍යාල විනායාරක්ෂක නිලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයින් යොදවා ඔවුන්ට අවශ්‍ය ගමන් කථන හා වාහන ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා ජාතික කමිටුවක් ද මේ වනවිට පත් කර තිබේ.
නවක වද සිද්ධි පැමිණිලි කිරීමට වට්ස්ඇප් අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ද පැමිණිලි ලැබෙමින් ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ, ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශන ආරම්භ කරන බවයි.
(මූලාශ්‍රය : News 1st )