රාජගිරිය ‘ජන ජය සිටි’ වෙළද සංකීර්ණය ඉදිකිරීම සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇතත් ඊට අදාළ ප්‍රතිලාභ නගර සභාව වෙත ලැබී නැති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
මෙම සංකීර්ණය තුල කඩ එකසිය ගණනක් හිස්ව පවතින බවත් තවත් කඩ කාමර රැසක මාසික කුලිය ගෙවන්නේද නැති බවත් හෙතෙම චෝදනා කරමින් අදහස් පල කලේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම අදහස් පල කරන ලදී.
මෙම වෙළඳ සංකීර්ණයේ නඩත්තු කුලිය පවා නොගෙවන බවත් පවසන අමාත්‍යවරයා කියා සිටියේ ඒ හේතුවෙන් මෙම සංකීර්ණය දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බවකි.
‘ජන ජය සිටි’ වෙළඳ සංකීර්ණය රාජගිරියේ ඇති දැවැන්ත සුදු අලියෙක් යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
වීඩියෝ – AsianMirror