පුවත්

රාජ්‍ය අංශයට පෞද්ගලික බැංකු සමග ගණුදෙනුවට අවසර

Published

on

රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (මාර්තු 01) සවස පැවැසීය.

මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ මෙම ගිණුම් විවෘත කිරීමට රාජ්‍ය අංශයට හැකිවන බව අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

රාජ්‍ය බැංකු වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වසා තැබීමෙන් ආර්ථිකයට සිදුවිය හැකි අගතිදායි තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

රාජ්‍ය බැංකු වසා තැබීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට, ගෑස් සමාගම, සෞඛ්‍ය අමාත්‍යංශය ආදි අමාත්‍යංශවලට සිය මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පවා අවස්ථාව නොලැබෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version