පුවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මරු දකියි! Published 1 year ago on January 25, 2024 By editor කටුනායක අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසළදී අද (25) අලුයම සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් තිබේ. අනතුරින් රථයේ රියැදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියා සිටී. කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සනත් නිශාන්ත මහතා රැගත් ජීප් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී අනතුර සිදුව තිබේ. අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියැදුරා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මිය ගොස් ඇත. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්18 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!