Connect with us

පුවත්

රාජ්‍ය ඇමතිගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ 2ක් මත්පැන් ප්‍රවාහනය කරද්දී STF එකට අහුවෙලා

Published

on

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල රාජ්‍ය ඇමැතිවරයකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ දෙදෙනකු කැබ් රථයකින් මත්පැන් බෝතල් 30ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (03) රාත්‍රියේ සිය භාරයට ගෙන ඇත.

මෙම කැබ් රථය ඇමැතිවරයාට හිතවත් කාන්තාවකගේ නමින් ලියාපදිංචි වූවක් වන අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමැතිවරයාගේ ආධාරකරුවකු සහ රියැදුරකු බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම කැබ් රථය බදුල්ල නගර මධ්‍යයේදී පරික්ෂාකර ඇත.

මෙහි මත්පැන් බෝතල් 30ක් තිබී ඇතත් මත්පැන් බෝතල් 10ක් එක් අයෙකුට සන්තකයේ තබාගැනීමට නීතියෙන් ඉඩකඩ පැවතීම නිසා මත්පැන් බෝතල් 10ක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරමින් බදුල්ල මූලස්ථාන පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබිණි.

මෙම මත්පැන් බෝතල් මහියංගණයේදී ඊයේ පැවැති දේශපාලන රැලියකට පැමිණෙන සිය පාක්ෂිකයන්ට බෙදා දීමට සූදානම්කර තිබූ ඒවා බව පොලිසිය සඳහන් කරයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල

Published

on

By

ඊශ්‍රායලයේ බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

ඔහු මෙම තොරතුරු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් මගින් සදහන් කර ඇත.

තුවාල ලැබූ තරුණයා අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විමුක්ති මධුසංඛ ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ඉදිකිරීම් කටයුතු සඳහා ඊශ්‍රායලයට පැමිණ සිටියේය.

ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් සිටින බව තානාපති බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.

තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය විසිහතර පුරාම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, ප්‍රහාරයෙන් පීඩාවට පත් ඕනෑම අයෙකු වහාම තානාපති කාර්යාලය අමතන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කළේය.

Continue Reading

පුවත්

දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව,

01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත්
02. අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක
03. කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරදගොල්ල
04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක
05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි
06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
 යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Continue Reading

පුවත්

මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ  ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

වීඩියෝ – CBSL

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved