Connect with us

පුවත්

 රාජ්‍ය ඇමතිලා නඩත්තුවට මාසයකට කෝටි 10යි

Published

on

රාජ්‍ය ඇමැතිවරුන් නඩත්තුව සඳහා මාසයකට රුපියල් කෝටි දහයකට අධික මුදලක් වැය වන බැවින් ඔවුන්ට ඉල්ලා අස්වෙන්නැයි  කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලලිත් එල්ලාවල මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එසේම රාජ්‍ය ඇමැතිවරුන් නඩත්තුව සඳහා වැය කරන මුදල රෝහල්වලට ඖෂධ ගෙන්වීමට වෙන් කන්නැයි ද ඔහු ඉල්ලා සිටී.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කළුතරදී ඊයේ (26 ) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව කී ඒ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘පසුගිය මැයි මාසයේ සිට මහරගම පිළිකා රෝහලේ ඇති පෙට් ස්කෑන් යන්ත්‍රයෙන් සිදු කරන පරීක්ෂණ කටයුතු නවත්වා තිබෙනවා. මේ හේතුවෙන් පිළිකා රෝගින් බලවත් පීඩාවට පත්ව සිටිනවා. පිළිකා රෝගියකුට මෙම පරීක්ෂණය පෞද්ගලික රෝහලකින් කරන්න රුපියල් ලක්ෂ තුනක මුදලක් වැය වෙනවා.

රෝහල්වල බෙහෙත් නෑ, බෙහෙත් තුණ්ඩුව ලියන්නෙ ෆාමසියට. රටේ බහුතරයක් මිනිස්සුන්ට කන්න නෑ. මෙහෙම තත්ත්වයක රට තියාගෙන නැවතත් මැති ඇමැතිවරුන් සුපුරුදු විදිහට රට සවාරි යන්න පුරුදු වෙලා. ඒ විතරක් නොවෙයි තව මන්ත්‍රිවරුන් කිහිපදෙනකුත් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුත් අරගෙන තමයි මේ විනෝද සවාරි යන්නේ. මේ සියල්ල ජනතාවගේ බදු මුදල්. මේවා වහාම නැවැත්විය යුතුයි. රාජ්‍ය ඇමැතිවරුන් අද වන විට සතපහක වැඩක් කරන්නේ නෑ, වරප්‍රසාද ටික පමණක් භුක්ති විඳිමින් කටයුතු කරනවා. එම ආයතනවල වැඩ කරන්න මුදල් නෑ, රාජ්‍ය ඇමැතිවරු නඩත්තු කරන්න මාසෙකට කෝටි දහයකට වඩා වැය වෙනවා. මම යෝජනා කරනවා රාජ්‍ය ඇමැතිවරුන්ට ඉල්ලා අස්වෙන්න කියලා. ඒ මුදල් රෝහල්වලට ලබා දී බෙහෙත් ගෙන්වන්න කටයුතු කරන්න. වැඩක් නැතුව ඇමැතිකම් කිරීමේ ඵලය කුමක්ද? සියලු‍ රාජ්‍ය ඇමැතිවරුන් ඉල්ලා අස්වී කැබිනට් ඇමැතිවරුන් විසි දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225න් තෝරගෙන අනිත් මන්ත්‍රිවරු කාරක සභා තුළට පත්වී රටට සේවය කරන්නැයි මම යෝජනා කරනවා.’’

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved