පුවත්

රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් පිටට පන්නන්න යයි

Published

on

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ වෙනස්කමක් සිදු කරමින් රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉවත් කොට මුදල් අමාත්‍යාංශය යටතේ වෙනමම ස්වාධීන ආයතනයක් පිහිටුවා සිදු කිරීමට රජය සැලසුම් කොට තිබේ. 

මෙම නව ආයතනය පිහිටුවීමේ අරමුණ මහ බැංකුවෙන් බැහැරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වඩාත් ස්වාධීනව සිදු කිරීමට ඉඩකඩ ලබාදීම බව පැවසේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය මඟින් දැනටමත් නව ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් වූ ක්‍රියාවලියට අවශ්‍ය පනත සම්පාදනය කරමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර, දැනට සකස් කරමින් සිටින පනත මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍යට පවසා තිබේ.

ඊට අමතරව එම පනත ප්‍රකාරව නව ආයතනය මේ වසර අවසානයට පෙර ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

දෙස් විදෙස් රාජ්‍ය ණය කළමනාකරණය නැතිනම් රාජ්‍ය ණය සේවාකරණය වඩාත් ප්‍රශස්ත මට්ටමකට සිදු කිරීමට මේ තීන්දුව ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version