පුවත්

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන හොයන්න විශේෂ වැඩ පිළිවෙළක්

Published

on

මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෙවීම සඳහා මැතිවරණ කොමිසම විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය එක්ව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර දිස්ත්‍රික්ක 25 පුරාම එය ක්‍රියාත්මක වන බව සඳහන්ය.

දැනටමත් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 120ක් පමණ කොමිසම වෙත ලැබී ඇති බව සඳහන් වේ.

මැතිවරණ කොමිසම විසින් ජනතාවට දැනුම්දෙන්නේ මැතිවරණ නීති කඩ කරනු ලබන රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු වහාම කොමිසම වෙත දැනුම්දීමට කටයුතු කරන ලෙසය.

Trending

Exit mobile version