රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පත්කිරීමට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
1990 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ අශෝක මහතා මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වන අතර, කලක් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.
පසුගිය 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.