Connect with us

පුවත්

රාජ්‍ය බුද්ධි අංශයට නව අධ්‍යක්ෂවරයෙක්

Published

on

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.

මෙතෙක් එම ධූරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමත් සමඟ ධම්මික කුමාර මහතා නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙදස කටයුතු කළ සලේට එරෙහිව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමිබන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබිණි.

පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

Published

on

By

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

ජනපති විවෘත කළ කාගම හිමිගේ තෙමහල් ධාතු මන්දිරේ හොරු බිඳලා

Published

on

By

ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මන්දිරය බිඳ එහි කරඬුව තුළ තැන්පත් කර තිබූ මැණික් ගල් රැසක් හා මුදල් සොරකම් කරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සොරුන් විසින් මෙලස බිඳ ඇත්තේ ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් විහාරයට අයත් අභිනව තෙමහල් ධාතු මන්දිරයයි.

මේ ධාතු මන්දිරය විචිත්‍ර ධර්ම කථික කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද එකක් වන අතර උන්වහන්සේ වැඩ වසන විහාස්ථානය ද මෙය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් අනුව ගල්කිරියාගම පොලිසිය මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

පෙරේදා (07) රාත්‍රියේ පැමිණ ඇති කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළුව ඇති බව පොලිසිය කියා සිටියි.

තෙමහල් ධාතු මන්දිරයට ඇතුළු වූ සොරුන් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬුන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බව හෙළිවී ඇත.

කරඬු වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 19ක් එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබේ.

එම ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් තොගයක් ද සොරකම් කරගෙන ගොස් ඇත.

සොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති මෙම අභිනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත වූවකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

හොර පා පැදි 170ක් සමඟ අයෙක් අල්ලයි

Published

on

By

සොරකම් කරන ලද පා පැදි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් අනුව මට්ටක්කුලිය, රාවතාවත්ත පාර ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදු කර තිබිණි.

එම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 600ක්ද සොයා ගත් බවයි කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියා සිටී.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහුගේ නිවසේ තිබී අනන්‍යතාව තහවුරු කරගත නොහැකි පා පැදි 170ක් සොයා ගත් බවද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සඳහන් කළේය.

හතලිස් පස් හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved