Connect with us

පුවත්

රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

Published

on

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ කොස්තාපල්වරයෙක් බව පොලීසිය පවසයි.

2018 වසරේ දී වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඝාතන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරියා, එම ඝාතන සිද්ධිය නොමග යවන ආකාරයෙන් කටයුතු කර බවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.

පුවත්

අතුරුගිරියෙන් T56 ජීවඋණ්ඩ 50ක්

Published

on

By

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබේ.

සැකකරු ඉකුත් 12 වනදා අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

රඳවා තබාගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත ඊයේ (17) දින මෙම ජීවඋණ්ඩ සහ තියුණු ආයුධය සොයාගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 25ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තද වැසි

Published

on

By

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර මධ්‍යම, සබරගමුව, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

මේ අතර අද (18) දිනයේ දී ද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මහ සිකුරාදා දිනය අද යි

Published

on

By

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද (18) ට යෙදි තිබේ.

මුල් යුගයේ සිටම ශෝකයේ සහ නිරාහාරශීලයේ දිනයක් ලෙස මහ සිකුරාදා දිනය කිතුණු බැතිමතුන් සලකනු ලබයි.

ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීම සහ මරණය සිහිකරමින් එදිනට නියමව ඇති වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් කටයුතු කරන අතර ඊට සමගාමීව කතෝලික දේවස්ථාන වල පැය තුනක දේව මෙහෙයක් පැවැත්වෙයි.

මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි.

උන්වහන්සේගේ උට්ඨාන හෙවත් මළවුන් පරදා නැගීටීම සිහි කරමින් මහ සිකුරාදාට පසුව යෙදෙන ඉරු දින කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා ලෙස උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

ඒ අනුව මෙවර පාස්කු ඉරුදින අප්‍රේල් මස 20 වන ඉරිදා දිනට යෙදී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved