පුවත්

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන කැබිනට් තීන්දුවක්

Published

on

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මුදල්, ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මෙම කටයුතු සම්බන්ධයෙන් මග පෙන්වීම හා සහය වීම සඳහා මුදල්, ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය ස්ථාපිත කිරීමට 2022-09-05 දා කැබිනට් අනුමැතිය හිමි වී තිබුණි.

ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන් විසින් සපයනු ලබන භාණ්ඩ හා සේවා වල ගුණාත්මකභාවය, මිල හා ප්‍රවේශ්‍යතාවය වැඩිදියුණු කිරීම, එම ව්‍යවසායයන් මගින් මහා භාණ්ඩාගාරයට ඇති මූල්‍ය බලපෑම ඉවත් කිරීම සහ පෞද්ගලික ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා තරගකාරී හා වෙළඳපොළ පදනම් කරගත් ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය  ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තිය සකසා ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Trending

Exit mobile version