පුවත්

රාජ්‍ය සේවකයෝ 30000 ක් අනිදා පැන්ෂන් යයි; විදුලියේ 1100ක් ඒ අතර

Published

on

රාජ්‍ය සේවයේ අවුරුදු 60 සම්පූර්ණ කළ සේවකයන් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණය අනුව දෙසැම්බර් 31 වැනිදා රාජ්‍ය සේවයේ ‌සේවකයන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට නියමිතය.

රජයේ ප්‍රතිපත්තිය අනුව අවුරුදු 60 – 65 අතර පසුව සේවකයන් විශ්‍රාම යා යුතු වෙයි.  

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ වැඩිම පිරිසක් එකවර විශ්‍රාම යන පළමු අවස්ථාව ‌මෙය වෙයි.

මේ අතර,  විදුලිබල හා බලශක්ති අමාත්‍ය  කංචන  විජේසේකර මහතා කියා සිටින්නේ විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1100ක් ලබන වසරේදී  විශ්‍රාම ගැනීමට නියමිත බවයි.

විදුලිබල මණ්ඩලයට නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවද ඔහු සඳහන් කළේය.

Trending

Exit mobile version