Connect with us

පුවත්

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍යයි

Published

on


2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍ය වන අතර ඒ සඳහා අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී තිබේ.
2024 මැයි මස 27 වන දිනැති අංක 24/විවිධ (020) දරණ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පැවති වැටුප් විෂමතාවයන් පිළිබඳව අධ්‍යයනය කර, 2025 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලට ඇතුලත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකිවන පරිදි රාජ්‍ය සේවයේ සියළුම අංශයන්හි වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලදී. එම විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් 81 ක් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා අදාල තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අතුරු වාර්තාවක් සකස් කොට තිබේ. 
මේ සම්බන්ධව උදය ආර්. සෙනෙවිරත්න මහතා කරුණු පැහැදිළි කිරීමක් සිදු කරමින් කියා සිටියේ මෙම වාර්තාව සැකසීමේදී තවත් වෘත්තීය සංගම්, විවිධ සංවිධාන, ආයතන හා පුද්ගලයන් 391කගෙන් කරුණු විමසා තොරතුරු ලබාගත් බවයි.
පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයන් හා රාජ්‍ය අංශයේ සේවකයින් මුහුණ දෙන අභියෝගද සැලකිල්ලට ගෙන රාජ්‍ය පිරිවැය කළමනාකරණය කර ගැනීමට අදාළ යෝජනා ද සමඟ පවතින වැටුප් ව්‍යුහයන් සංශෝධනය සඳහා වූ උපමාණයන් හා ප්‍රමිතීන් ද රාජ්‍ය පිරිවැය අවම කිරීමට සහ ආදායම් උත්පාදන උපාය මාර්ග ඇතුළත් වූ ප්‍රතිපත්තිමය රාමුවක් මෙම අතුරු වාර්තාව මඟින් නිර්දේශ කර ඇත.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 24/1609/601/097 වූ, ‘‘රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව” යන මැයෙන් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2024 – 08 – 12 වන දින අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු  කර ඇත.
මෙම අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අතුරු වාර්තාවේ 03 ඡේදයේ සඳහන් (3.1) සිට (3.18) දක්වා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීම සහ එකී අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ 2025 වර්ෂය සඳහා වන අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබාදීම සිදුකර ඇත. 
2025 පාදක වසර ලෙස සලකා සියළුම රජයේ සේවකයින් සඳහා (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දිමනාව මාසිකව රුපියල 25,000ක් ගෙවීම, රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24% සිට 50%-60% දක්වා වු පරාසයකින් වැඩි වන අතර ජීවන වියදම් දිමනාව සමඟ දළ වැටුප රු. 55,000ක් ලෙස ගෙන අනෙකුත් සියළුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැලපිම,ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සිලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දිමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම,2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය නිලධාරින් හට හිමිකම් ලැබු වැටුප් වර්ධක ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම,විශ්‍රාමිකයන් සඳහා ජිවන වියදම් දීමනාව, සක්‍රී සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි සිට ලබා දීම,දැනට පවතින බදු ප්‍රතිපත්ති තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025 ජනවාරි මස 01 වන දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශය ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ වේ. ඒ අනුව උක්ත විශේෂඥ කමිටුව විසින් ඔවුන්ගේ අවසන් වාර්තාව 2024.09.03 වන දින ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර එම වාර්තාවේ අංක 01 සිට 08 දක්වා වන නිර්දේශ මඟින් ඉදිරිපත් කර ඇති රාජ්‍ය සේවා වර්ගීකරණය, රාජ්‍ය සේවකයින්ගේ දීමනා, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම, වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු සහ අග්‍රහාර අයකිරීම් සම්බන්ධ නිර්දේශ සහ සංශෝධන 2025.01.01 දින සිට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමත්, එම නිර්දේශ 2025 අයවැය යෝජනා සඳහා අන්තර්ගත කිරීමත් සිදුකොට ඇත. 

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved