Connect with us

පුවත්

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Published

on

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා සභාපතීත්වය දරණ  ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදු වේ. 

එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවේ.

එසේම  රියදුරු සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 6,960කින් ඉහළ දමා ඇත. 

රියදුරු සේවයේ දෙවන ශ්‍රේණියේ වැටුප රුපියල් 9,990කින් වැඩිවන අතර පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13,020කින් සහ විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16,340ක් ලෙස වැටුප් වැඩිවීම සිදු වේ.

තවද සමෘද්ධි සංවර්ධන නිලධාරී තුන්වන මට්ටම සඳහා වැටුප රුපියල් 8340කින්ද, දෙවන ශ්‍රේණියට රුපියල් 11,690කින් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවීම  සිදු වේ.

කළමනාකරණ සේවා නිලධාරී/ කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩිවන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13,490කින් ද පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 17,550කින්ද වැඩි වීමට නියමිතය.

එසේම සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වන අතර  දෙවන ශ්‍රේණියට රුපියල් 17,820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැටුප් වැඩිවීමක් සිදු වේ.

මහජන සෞඛ්‍ය පරික්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණිය සඳහා  වැටුප්  රුපියල් 12,885කින් වැඩි වන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 17,945ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 25,275ක වැටුප් වැඩිවීම සිදු වේ.

විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වන ශ්‍රේණියට සිදුවන වැටුප් වැඩිවීම රුපියල් 13,280කි. එහි දෙවන ශ්‍රේණියට රුපියල් 18,310ක් සහ පළමු ශ්‍රේනිය වෙනුවෙන් රුපියල් 25,720කින් වැටුප් වැඩිවීමක් හිමිවේ.

තවද හෙද නිලධාරී තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 13,725කින් වැඩි කිරීමට නිර්දේශ වී ඇති අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 18,835කින් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 26,165ක වැටුප් වැඩිවීමක් හිමි වනු ඇත.

තවද විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සදහා රුපියල් 23,425කින් වැටුප් වැඩිකිරීමටත්, එහි දෙවන ශ්‍රේණියට රුපියල් 29,935ක් හා තුන්වන ශ්‍රේණියට රුපියල් 39,595ක වැටුප් වැඩි කිරීම සිදු වේ.

ගුරු සේවයේ විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා රුපියල් 17,480ක වැටුප් වැඩිවීමක් හිමිවේ. උපාධිධාරී ගුරුවරුන් සඳහා රුපියල් 19,055ක වැටුප් වැඩිවීමක් ද, දෙවන ශ්‍රේණිය සඳහා රුපියිල්  20,425ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 38,020කින් වැටුප් වැඩි වීම සිදු වේ.

පොලිස් කොස්තාපල්වරයකුගේ  වැටුප් රුපියල් 10,740 කින් වැඩි වන අතර පොලිස් සැරයන්වරයෙකුගේ වැටුප් වැඩිවීම සිදු වන්නේ රුපියල් 13,210කිනි. එසේම උප පොලිස් පරික්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14,050කින් වැඩිවන අතර පොලිස් පරික්ෂකවරයෙකුගේ වැටුප රුපියල් 18,290කින් වැඩිවේ. එමෙන්ම ප්‍රධාන පොලිස් පරික්ෂවරයෙකුගේ වැටුප රුපියල් 23,685කින් වැඩි වීමට නියමිතය.

ග්‍රාම නිලධාරී පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11,340කින් ද එම සේවයේ දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 14,690ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 18,750කින් වැටුප් වැඩිවේ. පරිපාලන ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප ද රුපියල් 23,575කින් වැඩි වේ.

සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ සහකාර කොමසාරිස් යන තනතුරු සඳහා වැටුප රුපියල් 28,885කින් වැඩිවේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43,865කින් ඉහළ නැංවීමට නියමිත අතර  ප්‍රාදේශීය ලේකම්, අධ්‍යක්ෂ, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු සඳහා වැටුප් රුපියල් 57,545කින් වැඩිවනු ඇත.

එසේම ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,560කින්ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප 39,575කින් වැඩිවේ. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 53,075ක වැටුප් වැඩි වීමක් සහ අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍ය යන තනතුරුවල රුපියල් 70,200කින් වැටුප ඉහළ නැංවීමට නියමිතය. 

මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද නිර්දේශ වී තිබේ. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ඉහත ආකාරයටම 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා ඇත.

පුවත්

ලංගමයේ හිටපු උප සභාපති අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

පුවත්

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Published

on

By

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලනය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය  පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් පියවර ගෙන තිබේ.

ඒ අනුව එම කාල සීමාව තුළ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

පුවත්

ආර්ථික සංගණනයක්

Published

on

By

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ.

එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමැතිය ලබාදී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved