රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීම සහ සමාජ සුබසාධන පවත්වාගෙන යාමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.
අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පවසා තිබිණි.
දරුණු මට්ටමක රාජ්‍ය මූල්‍ය තත්ත්වය පවතිනවා. මේ නිසා රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා. ආදායම එකවර වැඩිකරගත්තා වගේ වියදම අඩුකරන්න බැහැ. අපිට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න තියෙනවා. මේ අර්බුද අවස්ථාවේ දිළිඳු ඇතුළු තවත් පිරිස් රැකබලාගැනීමට රජයට මුදල් වියදම් කරන්න වුණා.”