Connect with us

පුවත්

රාජාංගණයේ හාමුදුරුවන්ගෙන් CIDයට පැමිණිල්ලක්

Published

on

රාජාංගණයේ සද්ධාරතන හාමුදුරුවන් අද (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

ඒ මිහින්තලේ රජමහා විහාරාධිපති හිමි පූජ්‍ය වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් විසින් සිදු කරන ලද දූෂිත ක්‍රියා 06ක් යටතේ පැමිණිලි ඉදිරිපත් කිරීමටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තමන්ගේ ඡායාරූප ආදිය ප්‍රසිද්ධියේ පළ කරමින් ජාතිවාදය අවුස්සමින් අපහාස සිදු කරමින් සිටින බවත් තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටින බවය.

මෙලෙස ව්‍යාජ පුවත් මවමින් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව සිය යූටියුබ් හරහා පැමිණීමට සිදුව ඇත්තේ වසර 76ක් කොල්ල කෑ රාජ්‍යයේ දූෂිත පාලකයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

තමන් කිසිම දිනෙක මාලිමා රජයට දේශපාලනය නොකළ බවත් නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටේ දූෂණ සියල්ලම අවසන් කරන බවත්එතෙක් ඉවසීමෙන් බලා සිටින ලෙසත් රාජාංගණයේ හිමියන් පවසති

පුවත්

චමුදිත හා කීර්තිට එරෙහිව විජේදාස, වාරණයක් ගනියි!

Published

on

By

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික්‍රමට හා කීර්ති රත්නායකට යන මාධ්‍යවේදීන්ට එරෙහිව නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) නිකුත් කළේය.

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.

වග උත්තරකරුවන් දෙදෙනා විසින් සම්මුඛ සාකච්ජාවක් පවත්වා Truth with Chamuditha යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුද හැරීම මගින් සිදු කර ඇති අපහාසය සහ අවමානය හේතුවෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 1,000ක වන්දි මුදලක්  ඉල්ලා මෙම නඩුව ගොනුකොට ඇත.

චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමඟ 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවේ විකාශනය කළ බවත්, එම සාකච්ඡාව පැමිණිලිකරුට චෝදනා කිරීමට හා අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ ජයමුදිතා ජයසූරිය මහතමියගේ උපදෙස් මත හරීෂ් රත්නසූරිය, හර්ෂ ලියනගේ, සුරාජ් වල්ගම, දසුන් නාගස්හේන යන නීතීඥ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් මහතා පෙනී සිටියේය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

ජොනී පොහොට්ටුවේ මෙහෙයුම් ප්‍රධානියා කරයි

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුව මහතාව පත් කර ඇතැයි වාර්තා වේ.

මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වී තිබිණි.

Continue Reading

පුවත්

විභාග කොමසාරිස් තැනට මුල්වරට කතක්!

Published

on

By

නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත්ව තිබේ.

ඇය මෙරට 11 වැනි විභාග කොමසාරිස් ජනරාල්වරිය වන අතර ඇය එම තනතුර සඳහා පත්වූ පළමු කාන්තාව වීම විශේෂත්වයකි.

මාපලගම මධ්‍ය මහ විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා රුහුණ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය හා පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද හිමිකර ගෙන තිබේ.

වර්ෂ 1998දී ගුරු වෘත්තියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ විභාග දෙපාර්තමේන්තුවේ වසර 4ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු විභාග කොමසාරිස්වරියක ලෙස සේවය කරමින් සිටියාය. 

විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය පසුගියදා අවසන් වීමත් සමඟ එම තනතුර සඳහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved