Connect with us

පුවත්

රාජාංගනේ හිමිට කෝටි 8 එවා ඇත්තේ ගෝතමාලාවෙන්

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් සම්බන්ධව කළ විමර්ශනයකදී රුපියල් කෝටි අටක මුදලක් ගෝතමාලාවේ බැංකු ගිණුමකින් මෙරටට එවා ඇතැයි ද වාර්තා වේ.

ගෝතමාලාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම මුදල් එවීම පසුපස සිටීද යන්න පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන අරඹා තිබේ.

එංගලන්තයේ සිටින පින්සිරි නමැති අයකු විහාරස්ථානය සංවර්ධනයට රුපියල් කෝටි අටක් එවා ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.

ටෙලි නළුවකු මෙම මුදල් ගනුදෙනුව පසුපස සිටින බවද හෙළි වී ඇත.

එම තොරතුරුවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් රාජාංගණයට ගොස් විහාරස්ථානය සංවර්ධනයක් සිදුකර ඇත්දැයි සොයා බලා ඇත. 

එහිදී රුපියල් ලක්ෂ පනහක මුදලක්වත් විහාරස්ථානයේ සංවර්ධනයට යොදවා නොමැති බව හෙළි වී ඇත.

මෙම හිමියන් අනුරාධපුරයේ බැංකුවල ඇති ගිණුම් දෙකකින් රුපියල් පන්දහසේ නෝට්ටුවලින් රුපියල් ලක්ෂ අටක් ගෙන ගම්වාසීන්ට බෙදා දී ඇතැයි හෙළි වී තිබේ.

මෙම මුදල් ගනුදෙනු රාජාංගණයේ සද්ධාරතන හිමියන් හා ප්‍රසිද්ධ ටෙලි නළුවා එක්ව කර ඇතැයි අනාවරණය වී ඇත.

මෙම මුදල් ගෝතමාලාවේ සිට එවා ඇත්තේ කවුරුන්ද යන්න සෙවීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  මවට අසභ්‍ය වචනයෙන් බැණවැදීම යන චෝදනා මත සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගත්තේ ඉකුත් මස 28 වැනිදාය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved