පුවත්

රාජාට වෙඩි තැබූ පොලිසියේ තුන්දෙනෙක් අත්අඩංගුවට

Published

on

දඹුල්ල දම්පුර ප්‍රදේශයේ දී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ඇත්තේ බකමූණ පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකි.

දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්‍රදේශයේදී මෙම වනඅලියා වෙඩිවැදී මියගොස් තිබුණි.

බකමූණ  වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ පසුගියදා (15) රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන “රාජා” නමින් හඳුන්වන වනඅලියෙකි.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම වනඅලියාගෙන් කිසිඳු පුද්ගලයෙකුට කරදරයක් නොමැති බවය.

බකමූණ පොලීසියේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පොලීසියේ ත්‍රිරෝද රථයෙන් මුර සංචාරයක යෙදී සිටින අවස්ථාවේදී ත්‍රිරෝද රථයට වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් ඨ්56 ගිනිඅවියකින් වනඅලියාට වෙඩිතබා ඇතැයි බකමූණ පොලීසිය පවසයි.

Trending

Exit mobile version