Connect with us

පුවත්

රාජිතගේ දැනුවත් කිරීමෙන් ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීම ජනපති අත්හිටුවයි

Published

on

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතාට ඊයේ (29) උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් පසු පැවැති මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා විසින් මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

ඖෂධ ආනයනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් සිටියදී ඉන්දියාවේ සමාගමකින් ඖෂධ ආනයනය කිරීම තුළින් මෙරට සැපයුම්කරුවන් අධෛර්යමත් වන බව මන්ත්‍රිවරයා පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතාගෙන් කරුණු විමසා එම තීරණය අත්හිටුවන ලෙස දැනුම් දී ඇත.

ඊට සෞඛ්‍ය ඇමතිවරයාද එකඟත්වය පළ කර ඇති බව පැවසේ.

ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කිරීමේ තීරණයට එරෙහිව සෞඛ්‍ය වෘත්තිය සමිති ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය, දේශීය ඖෂධ නිෂ්පාදකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෙරටුගාමී පක්ෂය ද විරෝධය පළ කරමින් මාධ්‍ය හමු පැවැත්වීය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

Published

on

By

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින්, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙයි.

Continue Reading

පුවත්

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Published

on

By

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

Continue Reading

පුවත්

පොලීසියේ ලොක්කෝ 32කට ස්ථාන මාරු

Published

on

By

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශනයේ කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත් කර ඇති බව සඳහන්ය.

නියෝජ්‍ය පොලිස්පතිරුන් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන්ට අමතරව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා ඇති පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ස්ථානමාරු වීම් සහ පත්කිරීම් සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved