හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ඊයේ (නොවැ. 10) පැවසීය.
මෙම මන්ත්‍රී කණ්ඩායම අය-වැයට පෙර හෝ ඉන් පසුව ඉතා ආසන්න දිනකදී ආණ්ඩුවට එකතු වනු ඇතැයි කී රත්නප්‍රිය මහතා ඔවුන්ට ලබාදෙන ඇමති ධූර මොනවා දැයි ජනාධිපතිවරයා තීරණය කරනු ඇතැයි සඳහන් කළේ ය.
ආර්ථිකය, කෘෂිකර්මය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යාපාර ඇතුළු මේ රටේ කළමනාකරණය කළ යුතු අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍ර ගණනාවක් පවතින බවත් ඒ අනුව මෙම මන්ත්‍රී කණ්ඩායමට විවිධ වගකීම් භාර ගැනීමට සිදුවන බව ත් හිටපු මන්ත්‍රීවරයා කීවේ ය.
ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව පැහැදී ආණ්ඩුවට විශාල පිරිසක් එකතුවීමට සිටිය ද එතරම් ප්‍රමාණයකට වගකීම් ලබා දීමට නොහැකි ප්‍රශ්නයක් නිර්මාණය වී තිබෙන බව ද ඔහු පැවසීය.
(මූලාශ්‍රය මව්බිම)