මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දිනේෂ් පෙරේරා නොහොත් “කුඩු සනා” නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල්වලින් මිලදීගත් අධි සුඛෝපභෝගී නිවාස දෙකක් සහ මෝටර් රථ තුනක් පොලිසිය විසින් තහනම් කර තිබේ.
පොලීසිය පවසන්නේ, එම දේපළවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවයි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකුවන දිනේෂ් පෙරේරා නොහොත් “කුඩු සනා” නමැත්තා සහ ඔහුගේ සහෝදරයා පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.
ඔහුගේ බිරියගේ නමින් මිලදීගෙන ඇති ගෝනපල ප්‍රදේශයේ පිහිටි කෝටි 2කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් , සැකකරුගේ මවගේ නමින් මිලදීගෙන තිබූ මොරන්තුඩුව ප්‍රදේශයේ නිවසක් , සහ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඇතුළු මෝටර් රථ තුනක් ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගැනීම සිදුවිය.