ෆා ෂියාන් පුණ්‍යාධාර ව්‍යාපෘතියේ තුන්වන අදියර සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ලබාගැනීමට අත්සන් තැබූ බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලය පවසන්නේ ඔවුන් රු. මිලියන 100ක් වටිනා වියළි සලාක පෙට්ටි 15,000 ක් ලබාගැනීම සඳහා දේශීය සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුමකට අත්සන් තැබූ බවයි.
එළැඹෙන රාමසාන් සමයේදී මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සුහදතාවයේ සංකේතයක් ලෙස විහාරස්ථාන, කෝවිල් සහ මුස්ලිම් පල්ලි හරහා දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වෙත මෙම වියළි සලාක බෙදා දීමට නියමිතය.
ෆා ෂියාන් පුණ්‍යායතන ව්‍යාපෘතිය, වසර 1,600කට පෙර ෆා ෂියාන් චීන හිමිනම බුදු දහම හැදෑරූ අනුරාධපුර අභයගිරි විහාරයේදී පසුගිය දෙසැම්බර් 22දින ආරම්භ වූ අතර, එතැන් සිට ලංකාව පුරා සිටින දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් 35,000කට මෙම ව්‍යාපෘතිය ඔස්සේ වියළි සලාක බෙදා දී තිබේ. චීන විහාරස්ථාන 07 ක් සහ ඔවුන්ගේ දායකයන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලබයි.