මෙරට මුහුදුසීමා උල්ලංඝනය කරමින්, ඩෙල්ෆ් මුහුදේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු සමග යාත්‍රා 3ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ තංගචිම්ඩම් ප්‍රදේශවලින් පැමිණි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
අද (23) අලුයම නැදුන්තීව් දුපත ආසන්නයේදී යාන්ත්‍රික බෝට්ටු දෙකකින් මසුන් මැරීමේ නිරතව සිටියදී මෙම ධීරවයන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පසු ගිය ජූලි 19 වනදා තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ ඒ අවට දිස්ත්‍රික්කවල ධීවරයින් විසින් දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ.
පසුගිය මාස කිහිපය තුළ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 74 දෙනෙකු නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවගෙන් ඉල්ලමින් මෙම විරෝධතාවය පවත්වා තිබුණි.
ඉන්දීය මාධ්‍ය වර්තා කළේ 2018 සහ 2024 යන වසර අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන්ට අයත් ධීවර යාත්‍රා 170ක් පමණ සිය භාරයට ගෙන ඇති බවය.