ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
පාද යාත්‍රාවට එක් වවී සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙක් ඉන් තුවාල ලබා ඇත.
කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ආරම්භ වූයේ මීට මාස කීපයකට පෙර දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙනි.
පාද යාත්‍රාවට නායකත්වය දෙමින්, එය මෙහෙයවන්නේ කොංග්‍රස් පක්ෂ නායකයකු වන රාහුල් ගාන්ධිය.
පාද යාත්‍රාවේ අරමුණ, කොංග්‍රස් පක්ෂය ජනතාව අතරට ගෙන යමින්, එය ජනප්‍රිය කරලීමය.
රාහුල් ගාන්ධි ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් පාද යාත්‍රාව චද්වාල් නගරය අසලදී නවතා දමා ඇති බවද වාර්තා වේ.
(NDTV)