පුවත්

රැකියා ඒජන්සි හාරසියයක් තහනම්

Published

on

පුද්ගලයන් සංචාරක වීසා වලින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන 400ක හිමිකරුවන්ගේ බලපත්‍ර  තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියයි.

එසේම ඩොලර් නැතුව උණ්ඩියල් ආකාරයෙන් කමිෂන් මුදල් ගෙන ආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද  තාවකාලිකව තහනම් කළ බව ඔහු පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දීය.

Trending

Exit mobile version