පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහරදුන් සිද්ධියකට සම්බන්ධ සිසුන් සිවුදෙනෙකු මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පාසැලට ගොස් ඇති සිසුන් පිරිසක් මෙලෙස පාසලේ විනය භාර ගුරුවරයාට පහරදී ඇති බවත්, ගුරුවරයාගේ නිවසට ගල් මුල් පහර එල්ල කළ මොවුන් තම පොත් ඉරා දමමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවත් පොලිසිය පවසයි.
පාසල් නිළ ඇඳුමට ගැලපෙන සේ කොණ්ඩ හා රැවුල කපා පැමිණෙන්නැයි පැවසීම නිසා මෙලෙස පහරදී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
(වීඩියෝ : නිවුස්ෆස්ට්)