Connect with us

පුවත්

රිචඩ්පීරිස් සමූහයේ සභාපති සේන යද්දෙහිගේ කතකට ලිංගික අතවර කර රටින් පැනලා?

Published

on

ව්‍යාපාරික විශ්ලේෂකවරියට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු වන සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදේශ ගමන් තහනමක් නිකුත් කර තිබේ.

ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට ගිය අවස්ථාවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකදී අදාළ කෝටිපති ව්‍යාපාරිකයා තමාට ලිංගික අතවර කළ බවට ව්‍යාපාරික විශ්ලේෂකවරිය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළැයි කියමින් කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇත.

තරුණ ව්‍යාපාරික විශ්ලේෂකවරිය කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් මාසයක පමණ කාලයක් විදේශගතව සිටි සේන යද්දෙහිගේ මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු ලංකාවේ නොමැති කාලයේ රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ, ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට පැමිණිලිකාරිය කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකට කැඳවා මෙම හදිකිරීම සිදුකර ඇතැයි පැවසේ.

එම කැඳවීමට අනුව ඇය පසුගිය මැය 07 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ අදාළ තරු හෝටලයට ගොස් ඇතැයිද ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට සුදානම් වු අවස්ථාවේදී සැකකරු තමාට ලිංගික අතවර කළ බවට පැමාණිල්ලේ සඳහන් බව පොලිසිය අධිකරණයට දැනුම්දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විර්ශන කරන හෙයින් සැකකරුට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලිසියේ නිලධරීහු ඉල්ලා සිටි අවස්ථාවේදි ඉදිරිපත් වු කරුණු සළකා බැලීමන් අනතුරුව සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රටින් පිටවීමට පැමිණියහොත් අත්අංගුවට ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

සිද්ධියට අදාළව කරන විර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

කෙසේවුවද, අදාළ තීන්දුව ලබාදුන් දිනයේම ඔහු විදෙස් ගතව ඇති බවද මේ වන විට වාර්තා වේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved