පුවත්

රියදුරු බලපත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් අවලංගු කරයි

Published

on

වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවය.

රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව හෙතෙම පැවසුවේය.

මේ අතර, රිය අනතුරු බහුලව සිදු වීමට අපරික්ෂාකාරි රිය ධාවනය සහ වාහන නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම ප්‍රධානතම හේතු වි ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසයි.

එමනිසා වාහනයක් ධාවනය කරවීමට පෙර එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයැබැලීම අත්‍යාවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

මෙඔහු වැඩිදුරාත් සඳහන් කළේ, රට මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩුද රිය අනතුරු බහුලවීමට බලපා ඇති බවය.

Trending

Exit mobile version