පුවත්

රියැදුරු බලපත් මුද්‍රණය හමුදාවෙන් ගලවයි!

Published

on

රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.

දැනට රියැදුරු බලපත්‍ර ලක්ෂ අටක් පමණ මුද්‍රණය කිරීම සඳහා ගොඩගැසී තිබීමත්, ප්‍රමාණවත් මුද්‍රණ යන්ත්‍ර නොතිබීමත් මත මෙම වගකීම පුද්ගලික සමාගමකට පැවරීමට කැබිනට් අවසරය ලැබී ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ නිර්දේශය මත ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන විසින් අදාළ කැබිනට් පත්‍රය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ අනුව දැනට ගොඩගැසී ඇති ලක්ෂ අටක රිය බලපත්‍ර මාස තුනක් ඇතුළත මුද්‍රණය කර අයිතිකරුවන් වෙත බාරදීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ වගකීම පැවරී තිබුණේ 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිටය.

Trending

Exit mobile version