පුවත්

රිය අනතුරකින් STF නිලධාරීන් 02ක් මරුට 7ක් රෝහලේ

Published

on

වව්නියාව හොරොව්පතාන මාර්ගයේ වෙල්ලිකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියගොස්  තවත්  7 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සමාජිකයින් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් ගවයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මිය ගොස් ඇත්ත‍ේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මඩු කඳවුරට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

ඔවුන් 29 හා 31 හැවිරිදි වියෙහි පසුවන මැදවච්චිය හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

(ඡායා : accident1st)

Trending

Exit mobile version