Connect with us

පුවත්

රිලවු කතාව ගැන චීනයෙන් පැහැදිලි කිරීම​ක්

Published

on

ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ගෙන්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා  පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

ඒ ට්විටර් පිණිවුඩයක් නිකුත් කරමිනි. 

එහි දැක්වුණේ ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් ගෙන්වීම පිළිබඳව කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ලැබී නොමැති බවයි.

එවැනි ඉල්ලීමක් පිළිබඳව තම ආයතනය කිසිදු ආකාරයකින් දැනුවත් නොමැති බව චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලනය දැනුම් දී ඇතැයි, තානාපති කාර්යාලය පවසයි. 

චීනයේ වන සතුන් හා ශාක ආනයන අපනයන කටයුතු අධීක්ෂණය කරන රජයේ ප්‍රධාන දෙපාර්තුමේන්තුව වන්නේ,  චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලනයයි. 

වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශවයක් ලෙස චීනය මේ වන විට සංශෝධන කිහිපයක් ද  සමගින් වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කළ රටක් බව ද තානාපති කාර්යාලය අවධාරණය කරයි. 

තානාපති කාර්යාල නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වන්නේ,  චීන රජය සෑම විටම වන ජීවී ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රියව ඉටු කරන බවයි. 

(නිවුස්ෆස්ට්)

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved