වගාවට හානි කරන රිළවා ඇතුළු සතුන් සම්බන්ධයෙන් සිදු කරන ලද සංගණන වාර්තාව අද (23) එළි දැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
රිළවා, වඳුරා, දඬු ලේනා සහ මොනරා යන සතුන් සම්බන්ධව මෙම සංගණනය සිදු කෙරුණි.
මෙම සංගණනයට අනුව දිවයිනේ කැලෑ ප්‍රදේශ හැර වගා ඉඩම් හා ගම් නගර ආශ්‍රිතව රිළවුන් ලක්ෂ 80 ක් පමණද, වඳුරන් ලක්ෂ 40 ක් පමණ සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබිණි.
කෙසේ නමුත් සංගණන පත්‍රිකාවල රිළවුන් සංඛ්‍යාව දෙතුන් ගුණයකින් වැඩිකර ඇතැම් ගොවීන් සඳහන් කර ඇතැයිද අමාත්‍යාංශය කියයි. මේ නිසා මිහින්තලේ, කැකිරාව ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට නැවත නිලධාරීන් යොදවා දෙවැනි වරටත් සංගණනයක් සිදු කෙරුණි.